Top Songs By Sudamm Dinesh
Credits
COMPOSITION & LYRICS
Dulip Mirando
Songwriter
Nmal Jayasinhe
Songwriter
Lyrics
සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්
මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්
හිත් කොනේ නලියනා
හීනයේ නැලවෙනා
හිතුමතේ ලංවෙනා
සැනසුම විඳිනා
ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම
දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී
විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී
නිදහසේ දඟකලේ
ජීවිතේ නුඹමනේ
දැවටෙනා හැමවෙලේ
සිතුවිලි නිවුනේ
ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම
සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී
හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී
අම්බරේ සඳ වගේ
නැවතිලා ඉඟිකලේ
සසැලෙනා හදවතේ
ගැස්මන් අතරේ
ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම
Lyrics powered by www.musixmatch.com