Music Video

Liyu Kawi Pada MIX / Krishantha Erandaka / CHALI BEATS
Watch {trackName} music video by {artistName}

Featured In

Lyrics

ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුණු එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං තවම ලියනවා මං නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ කියාගන්නට බැරිව සිරවුණු එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මං තවම පතනවා මං උණුසුමක් රැඳි පලල් උරයට වෙලී සැතපී නිදන යුගයක නුඹේ සුසුමක් සමග මියැදී යන්න තිබුණා නම් මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළු නෑ එහෙනම් සඳවතක රැඳි සඳලු තලයක තරු කැටක් වී වැටුණු දවසක ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ රැඳී නොතිබුණි නම් මගෙ දරදඬු පිරිමි හිත යට කඳුළු නෑ එහෙනම් ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුණු එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං තවම ලියනවා මං නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ කියාගන්නට බැරිව සිරවුණු එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මං තවම පතනවා මං
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out