Lyrics

පායලා සඳ ගුවන් ගැබේ ආදරේ කොඳුරයි නීල දේදුණු නිලා දිලී ආදරේ මුමුණයි ඇයිද පුන්සඳ පමාවෙලා තරු හා වියෝවෙලා මගේ වරදට සමාවෙලා එන්න සිනහාවෙලා දිලෙයි පුන් සඳ රුවන් මලී තරු හා රුවින් වෙලී කැලේ මලකට ප්රේමෙන් වෙලී සඳේ දිලී දිලී ඇයිද නිල්වන් දෙනෙත් ඔබේ බයවෙලා වාගේ කවුද ඔබ ළඟ මමයි ඔබේ ආදරේ මාගේ පායලා සඳ ගුවන් ගැබේ ආදරේ කොඳුරයි නීල දේදුණු නිලා දිලී ආදරේ මුමුණයි ඇයිද පුන්සඳ පමාවෙලා තරු හා වියෝවෙලා මගේ වරදට සමාවෙලා එන්න සිනහාවෙලා කවුද ඔබ මා සවන් ගැබේ සැඟවෙලා වාගේ ඔව්, ඇයිද නිල්වන් දෙනෙත් ඔබේ බය වෙලා වාගේ කොහෙද කොයිබද දයාවියේ මා දා ඔයා ගියේ කවුද කොහේද කොහේ ගියේ පුන්සඳ කුමාරියේ පායලා සඳ ගුවන් ගැබේ ආදරේ කොඳුරයි නීල දේදුණු නිලා දිලී ආදරේ මුමුණයි ඇයිද පුන්සඳ පමා වෙලා තරු හා වියෝ වෙලා මගේ වරදට සමා වෙලා එන්න සිනහා වෙලා
Writer(s): Dhanapala Udawatta Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out